ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල වර්ධනයක්


විදේශීය අංශයේ සිදුවූ හිතකර වර්ධනයන් සමග 2014 ජනවාරි මාසය අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 8.0 ක් වූ අතර, මුළු ජාත්‍යන්තර සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 9.2ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2014 ජනවාරි මාස අවසානය වනවිට ආනයනික මාස වශයෙන් සැලකීමේදී දළ නිල සංචිත සහ මුළු විදේශීය වත්කම් පිළිවෙළින් ආනයනික මාස 5.3කට සහ 6.1කට සමාන බවද පෙන්වා දෙයි.

එහිදී, 2013 දෙසැම්බර් මාසය අග වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත (ආසියානු නිෂ්කාශන සංගමයේ ශේෂයන් ඇතුළුව) ඇ.ඩො.බිලියන 7.5ක් ලෙසත්, බැංකු අංශයේ විදේශීය වත්කම්ද ඇතුළත්ව මුළු ජාත්‍යන්තර සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 8.6ක් ලෙසත් පැවතිණි. එමෙන්ම, 2013 වසරේ දෙසැම්බර් මස අවසානය වනවිට ආනයනික මාස වශයෙන් සැලකීමේදී, දළ නිල සංචිත සහ මුළු විදේශීය වත්කම් පිළිවෙළින් ආනයනික මාස 5.0කට සහ 5.7කට සමාන විය.



Recommended Articles