ශ්‍රී ලංකාවේ ආයෝජනය ගැන ඔස්ට්‍රියාව උනන්දුයි


ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ අවදානය යොමුව ඇති බව පැවසෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා හා කාලීන වශයෙන් වැදගත් වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ  ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තනාපති බන්හාඩඩ් වර්බේට්ස් යන මහත්වරු අතර පැවැත්වී තිබේ.

මෙම හමුව ඊයේ (10දා) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී සිදුවූ බව එම අමාත්‍යාංශය පවසයි.



Recommended Articles