ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කැනඩා අවධානය යොමුවේ


කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (25දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එරට දායකත්වය, ආයෝජන සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය. මෙම අවස්ථාවට නව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, දේශපාලන උපදේශක ජෙන් හාට්, කැනේඩියානු අපනයන සංවර්ධන කටයුතු පිළිබඳ උප සභාපති විලියම් බ්‍රවුන්, කැනේඩියානු වාණිජ සංස්ථාවේ ආසියනු අධ්‍යක්ෂ යුවෝන් චින් සහ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ කොමසාරිස් අවන්ටි කූන්ග් යන මහත්ම මහත්මීහු එක් වූහ.

PIC 01



Recommended Articles