ශ්‍රී ලංකාවේ ණය දර්ශක තවදුරටත් යහපත් අතට -මහ බැංකුව


ආසියා සහ පැසිෆික් කලාපයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසමට (UN-ESCAP) අදාළ සඵල ණය කළමනාකරණ අත්පොතට අනුව ගණනය කරන ලද, ශ්‍රී ලංකාවේ විදේශ ණයෙහි තිරසාර බව මනින දර්ශක තවදුරටත් වැඩිදියුණු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විදේශ ණය අවදානමට ලක්විමේ හැකියාව තක්සේරු කිරීම සඳහා වූ විදේශ ණය දර්ශක හයෙන් පහක් යටතේ, 2013 වසරේදී ශ්‍රී ලංකාව, අඩු ණයගැති රටක් ලෙස ස්ථානගත වී ඇති බවත්, ඉතිරි දර්ශකය තුළින් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ණයගැති රටක් ලෙස ස්ථානගත වී ඇති බවත්, මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම 2012 වසරට සාපෙක්ෂව 2013 වසරේදී ශ්‍රී ලකාව විදේශ ණය දර්ශක හයෙන් පහක් තවදුරටත් නොකඩවා වැඩි දියුණු කරගෙන ඇති බවද මෙම දර්ශකවලින් පිළිබිඹු කෙරෙන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles