ශ්‍රී ලංකාවේ රාජ භෝජන කෘතියේ ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි


ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී අධ්‍යක්ෂ ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද 'ශ්‍රී ලංකාවේ රාජ භෝජන' කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් අද (24දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

රාජකීය ආහාර වට්ටෝරු 40ක් හා එහි ඉතිහාසය ඇතුළත් මෙම කෘතිය ඉතා කුඩා ප්‍රමාණයේ කෘතියක් ලෙස එළිදක්වා ඇති බව පැවසෙයි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගල්කිස්ස මහ හෝටලයෙ සභාපති සනත් උක්වත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.



Recommended Articles