ශ්‍රී ලංකාවෙ ගෘහකාණ්ඩ සියයට 25කට එක් පරිගණකයක්


ශ්‍රී ලංකාවේ ගෘහ කාණ්ඩවලින් සියයට 24.6කටඅවම වශයෙන් එක් පරිගණකයක් හෝ සතු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.මෙරට ගෘහ කාණ්ඩ සතු පරිගණකවලින් සියයට 67ක් පමණ සිය පළමු පරිගණකය ලබා ගෙන ඇත්තේ 2010-2014 කාලවකවානුව තුළ බව වාර්තා වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2015 වර්ෂයේ පළමු මාස 6 සඳහාශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා සංඛ්‍යාති වාර්තාව නිකුත් කර ඇත. මෙම සමීක්ෂණයේ දත්ත රැස් කිරීම 2015 වසරේ මාස 12 තුළදීම පැවැත්වෙන අතර,ශ්‍රී ලංකාව පුරා විසිරුණු ගෘහ කාණ්ඩ 25,000ක අවුරුදු 5-69 වයස් කාණ්ඩයේ පුද්ගලයන්ගේ තොරතුරු රැස් කර තිබේ.

 


Recommended Articles