ශ්‍රී ලංකන් FlySmiles නවතම කාර්යාලය විවෘතවේ


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසරකරන්නන්ගේ වැඩසටහන (frequent flyer programme) වන  ෆ්ලයිස්මයිල්ස් (FlySmiles) හි නවතම කාර්යාලය මාර්තු මස 12 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීම් පර්යන්තයේදී විවෘත කරන ලදී.

මෙම කාර්යාලයෙන් සියලුම ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට පැය 24 පුරා සේවා පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින අතර ෆ්ලයිස්මයිල්ස් සේවාවේ ඉහළ ස්ථරවල සිටින සාමාජිකයින්ට ගුවන් ගතවීම සඳහා  පිටත්වීමට පෙර ලබාදෙන සියලුම ප්‍රතිලාභයන් සහ අනෙකුත් සේවාවන් ද ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව පැවසෙයි.

 



Recommended Articles