ශ්‍රී ලංකන් A330-300 ලන්ඩන් ගමන් අරඹයි


ශ්‍රී ලංකාවේ  ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක්වූ  නවතම එයාර්බස් 330-300 ගුවන් යානාව සිය ප්‍රථම වාණිජ ගුවන් ගමන් සනිටුහන් කරමින් ලන්ඩන් වෙත සෘජු ගුවන් මෙහෙයුම් පසුගිය ඉරිදා (9දා) ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL505 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් මෙරට වේලාවේන් අලුයම 2.25 ට ලන්ඩන් බලා පිටත් වූ බවත්, එය නැවත සඳුදා (10දා) අලුයම 4.40 ට නැවත කොළඹ වෙත පැමිණි බවත් කියයි.

එයාර්බස් සමාගමෙන් ගන්නා ලද නවතම A330-300 ගුවන් යානා 7 න් ප්‍රථම ගුවන් යානය පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක් වූ අතර, මෙම පුළුල් බඳ සහිත ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ ගුවන් සමාගමේ පිරිවැය අවම කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීම සහ වැඩි දියුණු කරන ලද පහසුකම් පාරිභෝගිකයන්ට ලබාදීම යන්න අරමුණු වී තිබේ.

 



Recommended Articles