ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ඈත පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරිමේ අරමුණින් ජපන් ගුවන් සමාගම (JAL) හා එක්ව දෙසැම්බර් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙන ලදී.
මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹි සය වැනි අවස්ථාව සනිටුහන් වේ. මින් පෙර ගුවන් සමාගම මැලේෂියා එයාර්ලයින්ස්, සයිබීරියා එයාර්ලයින්ස් (S7), රෝයල් ජොදානියන් ,ෆින් එයාර් සහ කොන්ටාස් ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළැඹ ඇත.