වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවීමේ ප්‍රවණතාවක්


ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකූ විට අපනයන පහළ යෑමට වාඩ ඉහළ අගයකින් ආනයන අඩුවීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හතර තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය 2.4% කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර, 2016 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් 18.4% කින් වර්ධනය වී ඇති බවද ඇස්තමේන්තු කර ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද 2016 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ 4.7% කින් ඉහළ යෑමක් වාර්තා කර තිබේ.

මේ අතර, 2016 මැයි මාසය අවසනය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 5.6 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

.



Recommended Articles