විසිතුරු මත්ස්‍ය අපනයනය බිලියනය ඉක්මවූවා -රාජිත


පසුගිය වසරේ විසිතුරු මත්ස්‍ය අපනයන රු.බිලියන ඉක්මවූ බවත්, එහි වැඩිම ආදායම කළුතර දිස්ත්‍රික්කයෙන් ලැබුණු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා අනුරාධපුර,  කලාවැව ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ පුහුණු ආයතනයේ පැවති ජලජීවි වගා ස්වයං රැකියා වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පසුගිය වසරේ විසිතුරු මත්ස්‍ය අපනයනය රු. බිලියනය පැන්නුවා. එහි වැඩිම ආදායම ගත්තේ කළුතර දිස්ත‍්‍රික්කයයි. ඔබටත් මේවගේ උනන්දුව තිබුණොත් කරන්න පුළුවන්. අපිට සියලු දේවල් ලබාදෙන්න පුළුවන්. ඔබේ උනන්දුව නැත්නම් වැඩක් නැහැ. මේ විදියට තමයි මුළු ජිවිතයේම සාර්ථක අසාර්ථක භාවයත් ඇතිවන්නේ.

දාස මුදලාලි, ඩැනි මුදලාලි, නවලෝක මුදලාලිගෙන් ඇහුවත් ඔවුන් හැදුණ හැටි, ඇමරිකාවේ ඉන්න ලොකුම කෝටිපතියා බිල් ගේට්ස් ගෙන් ඇහුවත් එකම කථාවයි කියන්නේ. මගෙන් ඇහුවොත් මේ ගමන ආපු හැටි එකම කථාවයි. මේවා කාපට් උඩින් ආපු ගමන් නෙවෙයි. ජීවිතය නුලෙන් බේරගෙන, තම ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගෙන, ඒ ප‍්‍රතිපත්ති කඩන්නෙත් නැතුව, කොයි පැත්තට ගියත් එකම දේ කථා කරගෙන ඉදිරියට යනවා." යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියේය.



Recommended Articles