විරැකියා අනුපාතය සියයට 5යි


2015 තුන්වැනි කාර්තුව සඳහා ඇස්තමේන්තුගත විරැකියා අනුපාතය 5.0% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ සමීක්ෂණය සිදුකරන කාලය තුළ රැකියාවක් නොකරන නමුත් රැකියාවක් සොයමින් සිටින, සමීක්ෂණ දිනට පෙර සති 4 ක් තුළ රැකියාවක් සෙවීමට පියවර ගනු ලැබූ සහ ඉදිරි සති දෙක තුළ කිසියම් රැකියාවක් ලැබුණහොත් භාර ගැනීමට සූදානම් වන පුද්ගලයින්ද විරැකියාවෙන් පෙළන්නන් ලෙස හඳුනා ගෙන තිබේ.

එහිදී මුළු ශ්‍රම බලකායෙන් විරැකියාවෙන් පෙළෙන ප්‍රතිශතය විරැකියා අනුපාතය ලෙස පෙන්වා දෙයි.



Recommended Articles