විනිමය කොමිසමේ සභාපති ධුරයට රනෙල්


ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස රනෙල් තිස්ස විජේසිංහ මහතා පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙම පත්කිරීම අද (24දා) සිට බලාත්මක කෙරෙන අතර, විනිමය කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය සහ මංජුල හිරන්‍ය ද සිල්වා යන මහත්වරුන් ද පත්කර තිබේ.

විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය මේ දක්වා දරනු ලැබුවේ තිලක් කරුණාරත්න මහතා විසිනි.

1_Ranel



Recommended Articles