විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ATM කාඩ්


විදේශ රැකියාවල නිරත වීමට පිටත්ව යන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට තම මුදල් ගනුදෙනු පහසුකර ගැනීම සඳහා ATM කාඩ්පත් හඳුන්වාදීම පසුගියදා මාතර පැවති ජොබ් ගේට් රැකියා පොළේදී සිදු කෙරිණි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අවස්ථාවේදී මැදපෙරදිග සේවය සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් වෙත ATM කාඩ්පතක් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
 



Recommended Articles