විදුහුරු හෙටක් තිරසර රටක් එළිදැක්වෙයි


තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව හා එක්ව 2015 – 2020 කාලවකවානුව සඳහා 'විදුහුරු හෙටක් තිරසර රටක්' යන මැයෙන් පිළියෙළ කළ 'ජාතික පර්යේෂණ හා සංවර්ධන ආයෝජන සැලැස්ම' එළිදැක්වුණි.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක, ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ධම්මික ඒ. තන්ත්‍රීගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (07දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.

මෙම ජාතික පර්යේෂණ හා සංවර්ධන ආයෝජන සැලැස්මෙහි මූලික පරමාර්ථය වන්නේ, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් රටෙහි සංවර්ධන කටයුතු සමග ඒකාබද්ධ කිරීම බවත්, මෙම සංවර්ධන හා ආයෝජන සැලැස්ම මගින් ශ්‍රී ලංකාව දැනුම් ආර්ථිකයක් කරා ගෙන යෑමට අවශ්‍යවන මංපෙත් විවර කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙන බවත් එහිදී සඳහන් විණි.

 



Recommended Articles