විජය පුවත්පත් සමාගමට ඵලදායිතා සම්මානයක්


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය 2014 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) පැවැත්විණි.

මෙම සම්මාන ප්‍රදානයේ නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණයේ තෙවැනි ස්ථානය විජය පුවත්පත් සමාගමට හිමි වූ අතර, රාජ්‍ය පරිපාලන සභාවේ ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා සම්මානය ලබාගත්තේය.

ඡායාරූප - ශමීර රාජපක්ෂ



Recommended Articles