ව්‍යාපාර හවුල්කාරීත්වයන් සඳහා ඕමානය වෙත යොමුවීම


සීෂෙල්ස් රජ්‍යයේ සාර්ථව සිදුකරන ලද ව්‍යාපාර සංවර්ධන ක්‍රියාපටිපාටියෙන් පසුව ලංකා වාණිජ මණ්ඩලය සිය මීළඟ වැඩසටහන ඕමානය වෙත යොමු කර තිබේ.

එහිදී, ඕමානයේ ආයෝජන ප්‍රවර්ධන හා අපනයන සංවර්ධන මහජන අධිකාරිය සහ ඕමාන් වාණිජ මණ්ඩලය සමග එකතුව දෙරටට ළඟාකර ගත හැකි ව්‍යාපාරික හවුල්කාරීත්වයන් හා නැගීඑන අවස්ථා සම්බන්ධයෙන් එළැඹෙන මාර්තු මාසයේදී ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලංකා වාණිජ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

සෙරමික් නිෂ්පාදන, පොල් හා කොහු ආශ්‍රිත නිෂ්පාදන, පලතුරු හා එළවළු, ගෘහභාණ්ඩ, මුද්‍රණ හා ඇසුරුම් සේවා, රබන් නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණය, මෘදුකාංග සංවර්ධන, කුළුබඩු, තේ සහ සංචාරක යන ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව පැවසේ.



Recommended Articles