ව්‍යාජ නිෂ්පාදන ප්‍රතිවිපාක ගැන දැනුවත් කිරීමක්


නීතිවිරෝධීව ආනයනය කරනු ලබන ව්‍යාජ නිෂ්පාදන නිසා ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගම් සමග අත්වැල් බැඳගනිමින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය පසුගියදා කටයුතු කළේය.

'ව්‍යාජ නිෂ්පාදනවලින් ආරක්ෂා වන්න' (Stay Safe from Fakes) යන තේමාව යටතේ පියවර තුනකින් යුතුව ක්‍රියාවට නංවනු ලබන වැඩසටහනක පළමු වැනි පියවර ලෙස මෙම මාධ්‍ය හමුව පැවති අතර බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝන කිරීම යන ගැටලුව සම්බන්ධයෙන් මහජනතාව සහ නීති සම්පාදනකයන් දැනුවත් කරන වැඩමුළුවක් ආකාරයෙන් මෙම වැඩසටහන සැලසුම් කර තිබුණි.

ව්‍යාජ නිෂ්පාදන නිසා ගැටලුවලට මුහුණපා සිටින ප්‍රධාන සමාගම් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW), මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා සහ ඖෂධ ක්ෂේත්‍ර‘යේ නියෝජිතයන් මෙන්ම සුදත් පෙරේරා ඇසෝසියේට්ස්, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රේගුව සහ පාරිභෝගික සේවා අධිකාරිය යන ආයතන මෙම වැඩසටහන සඳහා එක්ව තිබුණි. මාධ්‍ය සාකච්ඡාවේදී ව්‍යවස්ථාපිත, ජාතික, කලාපීය හා ජාත්‍යන්තර ගැටලු, රේගු විමර්ශනවල ස්වභාවය සහ වරදකරුවන්ට අධිකරණයෙන් දඬුවම් නියම වන ආකාරයට ආදිය ගැන කරුණු අවධාරණය කරන ලදී.



Recommended Articles