වරාය අධිකාරියේ ප්‍රගතිය බැලීමට ආසියානු සංවර්ධන බැංකු උප සභාපති එයි


ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්කායි ෂන්හැන්ග් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අත්කරගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය 21දා එක්විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති වෙන්කායි ෂැන්හැන්ග් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් ප්‍රගතිය හා අනාගත සැලසුම් පිළිබඳව දැනුම්වත් කෙරිණි.

මෙම අවස්ථාවට මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.කේ.පේමසිරි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු (සැලසුම් හා සංවර්ධන) සුසන්ත අබේසිරිවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.



Recommended Articles