වතුකරයට ස්ථීර තැපැල් සේවා පත්වීම් 386 ක්


වතුකරය සඳහා ස්ථීර තැපැල් සේවා පත්වීම් 386ක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7දා) BMICH හිදී සිදුවිය.

වතු කම්කරු ප්‍රජාවට තැපෑල බෙදාහැරීමේ ශතවර්ෂයකට අධික කාලයක් තිසිසේ පවතින වැඩපිළිවෙළ වෙනස්කර දිනපතා තැපෑල සිය නිවසටම බෙදාහරින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් මෙසේ ස්ථීර තැපැල් සේවා පත්වීම් ප්‍රදානය සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජීවන් කුමාරතුංග, ආරුමුගන් තොණ්ඩමන්, සී.බී.රත්නායක, මුත්තු සිවලිංගම්, තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, තැපැල්පති රෝහණ අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles