ලෝක සංඛ්‍යාන දිනය සැමරේ


ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ක්‍රීයාවලියේදී ජනතාවට විශ්වාස කළ හැකි දත්ත හා තොරතුරු ලබාදීම ඉතා වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේය.

20 වැනිදාට යෙදී තිබූ ලෝක සංඛ්‍යාන දිනය සැමරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එසේම රටේ ප්‍රතිපත්ති සැලසුම් සකස්කිරීමේදී මෙන්ම සමස්ත ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

කොළඹදී පැවති ලෝක සංඛ්‍යාන දින ජාතික සම්මන්ත්‍රණය සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක්, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල් ඒ. ජේ. සතරසිංහ යන මහත්වරුන්ද, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද සහභාගී වී සිටියහ.



Recommended Articles