ලෝකයේ රටවල් 55ක සාමාජිකත්වයෙන් සැඳුම්ලත් ලෝක ඇසුරුම්කරණ කොංග්‍රසය අද (20දා) කොළඹදී ආරම්භ විය.
විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම කොංග්‍රසය සඳහා ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තුර්කිය ඇතුළු රටවල් 15කින් ප්‍රධාන පෙළේ ඇසුරුම්කරුවන් 25 දෙනෙක් හා දේශීය ඇසුරුම් කර්මාන්තකරුවන් 100 දෙනෙකු සහභාගී වූහ.
ඇසුරුම්කරණ කර්මාන්තයේ උන්නතිය උදෙසා අත්‍යාවශ්‍යයෙන්ම වැදගත් සාධක රැසක් පිළිබඳ සාකච්ජාවට බඳුන් වන මෙම කොංග්‍රසය ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය හා ශ්‍රී ලංකා ඇසුරුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ඇති අතර ලංකාවේ මෙවැනි අන්තර්ජාතික ඇසුරුම්කරණ කොංග්‍රසයක් පවත්වන තෙවැනි අවස්ථාව මෙය වේ.