ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ නාලක අතින් ඇරඹේ


බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් හි පැවති ලන්ඩන් ආයෝජක වැඩමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස ලන්ඩන් කොටස් වෙළෙඳ පොළේ (LSE) දෛනික වෙළෙඳ පොළ ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වූහ.

එහිදී, මෙම වෙළෙඳ පොළ ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පෙ.ව.8.00 ට ලන්ඩන් කොටස් වෙළෙඳ පොළේ ආරම්භය සනිටුහන් කරන ලදී.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක‍්‍රිස් නෝනිස්, කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා සාමාජික සුරයිෂ් හෂීම් හා ලන්ඩන් කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් ජස්තම් යන මහත්වරු මෙම අවස්ථාව සනිටුහන් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා සාමාජික ලෝලිත අබේසිංහ, කොළඹ කොටස් වෙළෙඳ පොළේ අධ්‍යක්ෂක වජිර කුලතිලක හා කොළඹ කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකීය නියෝජිත පිරිසක්ද එම අස්ථාවට සහභාගි වූහ.

 



Recommended Articles