ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට වැඩබලන සභාපතිවරයෙක්


ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වැඩබලන සභාපති ලෙසට එච්.එස්. ධර්මසිරි මහාතා පත්කර ඇති බව බැංකුව පවසයි.

2014 ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

එච්.එස්. ධර්මසිරි මහතා 2012 වසරේ ඔක්තෝබර් මස සිට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

මෙතෙක් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කරනු ලැබූ කුමුදුනී කුලතුංග මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකෙරිණි.

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කොට ඇති ධර්මසිරි මහතා වසර 35 කට වැඩි කාලයක් සේවා අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකි.

පූර්ණ රාජ්‍ය බැංකුවක් වන ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම මූලික කරගෙන ආරම්භ කරන ලදී.



Recommended Articles