රේගු පරීක්ෂකවරුන් 131 දෙනකු බඳවා ගැනේ


ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා  පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත නිලධාරීන් 131 දෙනකු බඳවා ගෙන තිබේ.

මේ සඳහා ජූනි 13 වන දින රේගු මූලස්ථානයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පත්වීම් ලිපි භාරදුන් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.



Recommended Articles