රූපවාහිනී විකාශන ඩිජිටල්කරණයට රුපියල් මිලියන 17396ක ණයක්


රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 13,717 ක (ආසන්න වශයෙන් රු.මිලියන 17,396ක) ණය මුදලක් ලබාදීමට ජපන් රජය එකඟ වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවෙකු සහ ඩිජිටල් තාක්ෂණයේ විශිෂ්ඨයෙකු වන ජපන් රජය සමග සිදුකරන ලද ද්වීපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවන බවද පවසයි.

එම ණය මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) හරහා මෙරටට ලැබෙන බවත්, මෙම මූල්‍ය සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට මුදල් හා ක්‍රමසම්පාදන අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා මහතා විසින් අද (23දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.



Recommended Articles