රූපවාහිනීයේ නව ප්‍රවෘත්ති මැදිරියක් - හිස් වන ඉඩ සංහිඳියාවේ නාලිකාවට


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව ප්‍රවෘත්ති මැදිරිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් අද (15දා) විවෘත කෙරිණි. ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතන භාවිත කරන එච්.ඩී. තාක්ෂණයෙන් යුතු නවීනතම උපකරණවලින් මෙම මැදිරිය සමන්විත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 36 වැනි සංවත්සරය පසුගියදා සැමරුණු අතර 1986 ට පසු සජීව වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා ස්ථිර මැදිරියක් නිර්මාණය වන ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.

ප්‍රවෘත්ති අංශය තුළම මෙම ප්‍රවෘත්ති මැදිරිය ඉදිකිරීම හේතුවෙන් හිස් වන මැදිරිය ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සංහිඳියාවේ නාලිකාව වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

1_SLRC



Recommended Articles