රු මි 1833ක් මාතලේ දොරින් දොරට ගමින් ගමට හිමිවෙයි


දොරින් දොරට - ගමින් ගමට ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක් තේමාව යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාශය 2014 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, රත්තොට, ලග්ගල සහ දඹුල්ල මැතිවරණ කොට්ඨාස සඳහා රු.මිලියන 1,833ක් වෙන්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා රු.මිලියන 363ක්, රත්තොට මැතිවරණ කොට්ඨාසය සඳහා රු.මිලියන 385ක්, දඹුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා රු.මිලියන 621ක් සහ ලග්ගල මැතිවරණ කොට්ඨාසය සඳහා රු.මිලියන 463ක් වෙන් කර ඇති බව පැවසෙයි.

මෙම මුදල් ප්‍රතිපාදන යටතේ ග්‍රාමිය මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අතර එක් ගමකට එක් වැඩක්, ගම නැඟුම වැඩසටහන, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, මහජන නියෝජිතයන්ගේ විශේෂ වැඩසටහන්, විමධ්‍යගත අයවැය වැඩසටහන්, වනජීවී සංරක්ෂණ වැඩසටහන්, පළාත් නැඟුම වැඩසටහන්, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු අස්වැද්ද වීම සහ පාලම් හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසෙයි.

 



Recommended Articles