ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 52,000කට පිරිසුදු පානීය ජලය ලබාදෙන මුතූර් ජල සම්පාදන ව්‍යාපාතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (28දා) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35ක් ආවරණය කරමින් මින් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත්, ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රු.මිලියන 3,500ක් බවත් පැවසෙයි.
මේ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 75,000ක් ජනතාවට පානීය ජලය ලබාදීමට තවත් ජල සම්පාදන ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කෙරෙයි.
පවුල් 2,350කට සෙත සැලසෙන මහදිවුල්වැව ජල ව්‍යාපෘතිය, පවුල් 16,500කට සෙත සැලසෙන ඊච්චලම්පත්තු ජල ව්‍යාපෘතිය, පවුල් 1,650කට සෙත සැලසෙන නාමල්වත්ත ජල ව්‍යාපෘතිය, පවුල් 1,400කට සෙත සැලසෙන නාවච්චෝලෙයි ජල ව්‍යාපෘතිය සහ පවුල් 1,100කට සෙත සැලසෙන කලාවෙඩ්ඩි ජල ව්‍යාපෘතිය ඒ අතර වෙයි.