රුසියානු මෙගා සංචාරක ප්‍රවර්ධනයේ 6 වැනි අදියර


රුසියාවේ පැවැත්වෙන දැවැන්ත මෙගා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ 6 වැනි අදියර, ශ්‍රී ලංකා රාත්‍රිය -2014 නම් වූ  සංස්කෘතික සංදර්ශනයකින් හා විශේෂ අමුත්තන් සඳහා වූ රාත්‍රී භෝජන සංග්‍රහයකින් මොස්කව්හි Lotte Plaza  හෝටලයේදී පසුගිය 29 වැනිදා දියත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයත්, සංස්කෘතික උරුමයත් විදහා දැක්වූ මෙම ආරම්භක උත්සවය සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනේ 6 වැනි අදියර සනිටුහන් කරමින් ඉතා සාර්ථකව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



Recommended Articles