රුපියල තරමක් ස්ථාවර වෙයි


ඩොලරයක් සඳහා රුපියලේ අගය පසුගිය 7 වැනිදා වනවිට රු.130.60 – 130.70 අතර රැඳී තිබුණු අතර, මෙරට ඒකකභාරවල විදේශ ආයෝජන නික්මීම අබිබවමින්, අපනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම මෙසේ රුපියල යම් ප්‍රමාණයකට ස්ථාවර වීමට හේතු වී තිබේ.

ඇමෙරිකාව සිය කොටස් සංචිත පහත හෙළීමට ගත් පියවර හේතුවෙන් විදේශිකයන් විසින් මෙරට මූල්‍ය නිෂ්පාදනවල ආයේජන ඉවත්කර ගැනීමත් සමග එය ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළටද බලපෑම් ඇති කළේය. පසුගිය වසරේ අවසාන භාගයේදී රු.135 සීමාව ඉක්මවා ගිය ඩොලරය මේ වනවිට යම් ස්ථාවර තත්ත්වයක පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Recommended Articles