රාජ්‍ය සේවකයන්ට පරිගණක


රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ සහනදායී මිලට පරිගණක ලබා දීමේ ‘රාජ්‍ය මෙහෙවර’ වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවකයන් සඳහා සහන සැලසීමේ පුරෝගාමියා ලෙස එම සංස්ථාව විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ බව පවසයි.

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, එහිදී, රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ආරම්භ කළ මොබිටෙල් ‘උපහාර’ පැකේජය හා දැයේ දරුවන්ගේ නැණස පෑදීම සඳහා ආරම්භ කළ ‘වෙබ් පාඨශාලා’ වැනි ව්‍යාපෘති ලාංකේය වෙළෙඳ පොළ තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත් වූ බව ඔවුන් කියයි.



Recommended Articles