රාජ්‍ය සේවකයන් ලක්ෂ 13ක් වෙලා - බැසිල්


ලක්ෂ 6ක් පමණ වූ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ලක්ෂ 13ක් දක්වා වැඩි කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කළ පරිදිම ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා සපුරාලීමේ රජයේ ජංගම සේවා මගින්  රාජ්‍ය සේවාව ගමට ගෙනයාමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා සපුරාලීමේ රජයේ ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ බදුල්ල  දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා පිලිබදව මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් ආසන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනට අද (25දා) දින එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

බදුල්ල  දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා පිලිබදව මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ආසන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහට සමගාමීව  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගනය, පස්සර, බදුල්ල සහ හාලි ඇල  යන ආසනවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමද සිදු විය.



Recommended Articles