රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කුරුණෑගලට


රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් ශාඛාව සමූපකාර හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

කුරුණෑගල - පුත්තලම පාරේ ඉදිකර ඇති මෙම දිස්ත්‍රික් ශාඛාව වෙතින්, ජනතාවට අවශ්‍ය උපකරණ රැසක් ඉතා පහසු මිලටත්, ගෙවීමේ පදනමටත් ලබාගැනීමට හැකි බව පැවසෙයි.

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් අමාත්‍ය ජොහාන් ප්‍රනාන්දු හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.



Recommended Articles