රාජගිරිය, පොල්ගහවෙල සහ ගණේමුල්ල යන ස්ථානයන් හි ගුවන් පාලම් ඉදිකිරීමට රජය යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ ස්ථානයන් හි ගුවන් පාලම් ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින්ද හඳුනාගනු ලැබ ඇති බවත්, රථවාහන තදබදය අඩු කිරීම, අනතුරු අවම කිරීම සහ ඉහළ රථවාහන මෙහෙයුම් පිරිවැය අඩුකිරීම යන කාර්යයන් සඳහා රාජගිරියෙහි ගුවන් පාලමක් ඉදිකිරීම ඉක්මනින් සිදු කළ යුතුව ඇති බවද කියයි.
විශේෂයෙන් දුම්රිය හරස් මාර්ගයන් හි ගේට්ටු නිතර නිතර වැසීම හේතු කොට ගෙන මාර්ග භාවිත කරන්නන් විසින් මුහුණපානු ලබන දීර්ඝ ප‍්‍රමාදයන් වැලැක්වීම පිණිස ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදිකිරීමටද රජය ඉදිරියේදී පියවර ගනු ඇති බවත් කියයි.