රත්නපුර සිංහ රෝහල CSE හි ලැයිස්තුගත වෙයි


සිංහ හොස්පිටල්ස් ලිමිටඩ් (Code:SINH) කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි දිරිසවී පුවරුව යටතේ පසුගිය අප්‍රේල් 21 වැනිදා ලැයිස්තුගත විය.

සිංහ හොස්පිටල්ස් ලිමිටඩ් හි සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ඒ.එම්.වීරසිංහ මහතා විසින් උත්සවාකාරයෙන් සීනුව නාද කිරීමෙන් පසුව ගනුදෙනුවීම ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා සිංහ හොස්පිටල්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ, නවින්ද වීරසිංහ, අලෙවි අධ්‍යක්ෂ ලක්ෂික වීරසිංහ  සහ ගණකාධිකාරී අසංක ද සිල්වා යන මහත්වරුන් තම සහභාගීත්වය දක්වා තිබේ.

 



Recommended Articles