රත්නපුර මහනුවර හා මාතලේ සංවර්ධන මාවතේ


2014 වසරේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් වෙන්කළ ප්‍රතිපාදනයන් ලබාදීම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.

ඒ අනුව, රත්නපුර සංවර්ධනයට රු.කෝටි 297ක්, මහනුවර සංවර්ධනයට රු.කෝටි 425ක්, මාතලේ සංවර්ධනයට රු.කෝටි 184ක් වශයෙන් ප්‍රතිපාදනයන් ලබාදී තිබේ.

සහභාගිත්ව ප්‍රවේශය තුළින් තිරසාර සංවර්ධනයක් යන මැයෙන් ආර්ථික සංවර්ධනය සඳහා වූ 2014 ජාතික අයවැය පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලදී මේ පිළිබඳ ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව, රත්නපුර දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගිය 5දා රත්නපුර සීවිලී ක්‍රීඩාංගනයේදීද, මහනුවර දැනුම්වත් කිරීමේ වැඩසටහන ඊයේ (6දා) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදීද, මාතලේ දැනුම්වත් කිරීමේ වැඩසටහන ඊයේ (6දා) මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගණයේදීද පැවැත්විණි.

දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම මෙහි අරමුණ වන අතර, මේ යටතේ එක ගමකට එක වැඩක්, ගම නැගුම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, පළාත් නැගුම, දිවි නැගුම ජීවනෝපාය සංවර්ධනය, පුරං කුඹුරු අස්වැද්දීම, වනජිවී සංරක්ෂණ සහ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය යන ආදී කේෂේත්‍රයන් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක වේ.



Recommended Articles