රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි


කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබාදිමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් 1,500කට යතුරුපැදි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, තිස්ස විතාරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්.චන්ද්‍රෙස්න, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, දිස්ත්‍රික්ක ලේකම් මහින්ද සෙනෙවිරත්න, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී එස්. සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



Recommended Articles