යුරෝපා හවුලේ සමුළුව 9 වැනිදා ඇරඹෙයි


යුරෝපා හවුලේ සම්මේලනය දෙසැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වන අතර, ඒ මහතා 8 වැනිදා බෙල්ජියම බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම සමුළුව ආර්ථික අතින් ශ්‍රී ලංකාවට අතිශය වැදගත් සමුළුවක් ලෙස සැලකෙන අතර, මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා ආයෝජන අවස්ථා පිළිබඳවද සොයා බැලීමක් සිදුකරනු ඇති බව වාර්තා වෙයි.

 



Recommended Articles