මෙඩිකෙයා 2018 අද ඇරඹෙයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂක ප්‍රදර්ශනයක් වන 'මෙඩිකෙයා 2018' ජාතික සුවසේවා ප්‍රදර්ශනය අද (02දා) සිට 04දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙයි.

රෝගාබාධ කලින් හදුනා ගැනීමට සහ නිවාර්ණයට උපදෙස්, විශේෂඥ වෛද්‍ය සම්මන්ත්‍රණ, විශේෂ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය වාර්තා සහ රාජ්‍යය සහ පුද්ගලික අංශයේ සිය ගණනක් වූ ආයතන මෙම ප්‍රදර්ශනය සමග සම්බන්ධ වෙයි.

මෙම ප්‍රදර්ශනය මාර්තු මස 09දා සිට 11දා දක්වා යාපනයේ වීරසිංහම් ශාලාවේදීද පැවැත්වෙන අතර, එම දිනයන්හි පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළු වීම නොමිලේ බව සංවිධායකයෝ පවසති.

1_Medicare



Recommended Articles