මුදල් නියෝජ්‍ය ඇමති - ADB උප සභාපති අතර හමුවක්


ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය  සරත් අමුණුගම  මහතා  ආසියානු  සංවර්ධන බැංකුවේ  උප සභාපති  ආචාර්ය  බින්දු එන්. ලොහානි  මහතා  පසුගිය 25 වැනිදා  මුදල් අමාත්‍යාංශයේදී හමුවී  දිර්ඝ සාකච්ඡාවක  නිරත වූ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

මෙම සාකච්ඡාවේදී  අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ප්‍රගතිය ශ්‍රී ලංකාවේ දැනට කෙරෙමින්  තිබෙන  මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මෙරට දේශපාලන ස්ථාවර භාවය ගැන දිර්ඝ වශයෙන්  විග්‍රහ කළ බව අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles