මැණික් කැණීම් බලපත්‍ර සඳහා නව ක්‍රමවේදයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවන අනවසර මැණික් කැණීම් නතර කර එහි විධිමත් ලෙස නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය පවසයි.

මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබාගැනීමේදී ඉඩමේ අයිතිය තහවුරු කරවා ගැනීමට සමහර පුද්ගලයන් ව්‍යාජ ඔප්පු සකස් කිරීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයට විසඳුමක් ලෙස ඒ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

නව ක්‍රමයට අනුව බලපත්‍ර ඉල්ලුම් කරන්නාට අදාළ ඉඩමෙහි නීත්‍යනුකූල අයිතියක් තිබෙන බව අවුරුදු 10කට වඩා පළපුරුද්දක් තිබෙන නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් තහවුරු කළ යුතු බවත්, ඉන්පසුව බලපත්‍ර ඉල්ලුම් කළ පිරිසගේ තොරතුරු ජාතික පුවත්පත්වල භාෂා තුනෙන්ම ප්‍රසිද්ධ කරනු ලබන අතර, එහිදී සත්‍ය කරුණු මත පදනම්ව යම් විරෝධතාවක් ඉදිරිපත්වේ නම් අධිකාරිය විසින් බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන බවද අධිකාරිය පවසයි.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිරියේදී එම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles