මැංගුස් වගාව ව්‍යාප්තියට පියවර ගැනේ


මැංගුස් වගාව සඳහා විශේෂිත ප්‍රසිද්ධියක් උසුලන කළුතර දිස්ත්‍රික්කයේ මැංගුස් වගාව නැවත නඟාසිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මේ වසර තුළ පැළ 5,000ක් කළුතර දිස්ත්‍රික්කයේ සිටුවීමට කටයුතු සම්පාදනය කර ඇති අතර පැළ 30,00ක් දැනටමත් නිපදවා තිබේ. නිෂ්පාදිත පැළ අතර වසර 3-5ත් අතර වලදාව ලබාගත හැකි බද්ධ පැළ විශේෂත්වයක් ගන්නා බවද පැවසේ.

පලතුරු ගම්මාන ව්‍යාපෘතිය යටතේ හොරණ කනන්විල පලතුරු හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බවත්, දිස්ත්‍රික්කයේ අවම වශයෙන් එක පැළයක් හෝ සිටුවීම මේ ව්‍යාපෘතියේ අරමුණ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles