මාලදිවයින් විදේශ ඇමති මුදල් ඇමති අතර හමුවක්


ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අසීම් මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු විය.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.

කලාපීය රටක් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.



Recommended Articles