වායු දුෂණයෙන් තොර හරිත ශ්‍රී ලංකාවක් සඳහා කරන ලද මෙහෙවර වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ‘කොන්හා’ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ජාත්‍යන්තර ක්ලින් එයාර් ඒෂියා ආයතනය විසින් මෙම සම්මානය ඒ මහතාට පිරිනැමුණි.
දෙවසරකට වරක් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානය රටවල් 50ක පමණ දෙස් විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.
පරිසර සුරක්‍ෂිතතාව වෙනුවෙන් කරන ලද මෙහෙය අගයමින් මෙවැනි ඉහළ සම්මානයක් ශ්‍රී ලාංකිකයෙක් වෙත ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බව කියැවෙයි.