මධ්‍යම අධිවේගී ප්‍රථම අදියරට චීනයෙන් ඇ.ඩො.බිලියනයක්


මධ්‍යම අධිවේගයේ ප්‍රථම අදියර වෙනුවෙන් ඇ.ඩො.බිලියනයක ණය මුදලක් ලබාදීමට චීන රජය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මේ බව දන්වා ඇත.

එහිදී, තානාපතිවරයා පවසා ඇත්තේ චීනයේ එක්සිම් බැංකුවට ඊට පහසුකම් සලසන මෙන් චීන රජය දන්වා ඇති බවත්, ඒ සඳහා පරිපාලනමය හා නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වයට දන්වන බවත්ය.



Recommended Articles