මත්ස්‍ය පරිභෝජනය වැඩිකර මන්ද පෝෂණය දුරු කරනවා - ධීවර අමාත්‍ය


රටේ දරුවන්ගෙන් 21% ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවත්, එය 2015 දී 12% දක්වා අඩු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණද රජයේ වැඩපිළිවෙළ යටතේ 2015 වනවිට මන්දපෝෂණය බිංදුව දක්වා අඩු කිරීම ඉලක්කය බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා සත්ව ප්‍රෝටීන් පාරිභෝජනය වැඩි කළ යුතු බවත්, සත්ව ප්‍රෝටීන් 72% ක් ලබාදෙන මත්ස්‍ය පරිභෝජනය වැඩිකිරීම සදහා මත්ස්‍ය මිල අඩු කිරීමට ධීවර අමාත්‍යාංශය දැනටමත් වැඩපිළිවෙලක් යොදා ඇති බවත්ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත‍්‍රීක්කයේ දේවහූව ජලාශ පරිශ‍්‍රය හා කණ්ඩලම ජලාශ පරිශ‍්‍රය නිරික්ෂණය කිරීමේ චාරිකාවට එක්වෙමිනි.

 



Recommended Articles