මත්ස්‍ය තහනම පිළිබඳ EU නියෝජිතයෝ දිවයිනට


යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට ලබාදී ඇති නිර්දේශවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා එම සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු වන ඩිසරේ කේ. ජෝල්සන් හා ඉසබෙල් පේරේ යන මහත්මීන් හෙට (12දා) දිනයේදීත්, යුරෝපා සංගමයේ ප්‍රධාන උපදේශක සීසර් ඩෙබන් මහතා 16 වැනිදාත් බ්‍රසල්ස් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ධීවර යාත්‍රා නීතිවිරෝධී, වාර්තා නොකරන සහ අවිධිමත් ධීවර කර්මාන්තයේ නියැළීම නිසා 2015 ජනවාරි මස සිට ශ්‍රී ලංකා මසුන් අපනයනය කිරීමේ විශාලම වෙළෙඳ පොළ වන යුරෝපා සංගමයේ රටවලට ශ්‍රී ලංකා මසුන් අපනයනය කිරීමේ තහනමකට ලක්විය.

යුරෝපා සංගමය මගින් පනවා ඇති තහනම ඉවත් කිරීම සඳහා එම සංගමය ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කර තිබේදැයි සොයා බලා වාර්තාවක් සකස් කිරීම ඉහත නියෝජිත කණ්ඩායමේ අරමුණ වී තිබේ.



Recommended Articles