බොරතෙල් බැරලය ඩොලර් 50ට බසී


බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇ.ඩො.50.11 දක්වා පහළ බැස ඇති අතර එය 2009 මාර්තු මාසයෙන් පසුව වාර්තා වන අවම මිල බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ඇමෙරිකානු වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිලද 2009 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වරට ඇ.ඩො.50 සීමාවෙනුත් පහළට පැමිණ ඇති අතර, එය මිල ඇ.ඩො.48.36 සීමාවේ රැඳී ඇති බව පවසයි.

ඒ අනුව, මෙම මිල ගණන් දෙකම පසුගිය වසරේ මැද භාගයේ සිට 50% කින් අඩු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් අවධාරණය කරයි.



Recommended Articles