බ්ලැක්බෙරි 10 පැමිණේ ප්‍රථම දුරකථනය අර්ජුනට


බ්ලැක්බෙරි 10 නවතම ස්මාට් ජංගම දුරකථන මාදිලි පෙළ ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙමින් ප්‍රථම BlackBerry Z30 ජංගම දුරකථනය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා වෙත පිළිගැන්වීම අද (09දා) කොළඹදී සිදුවිය.

ඒ අනුව, BlackBerry Z30, BlackBerry Z3 හා BlackBerry යන නවතම ස්මාට් ජංගම දුරකථන මාදිලි මිලදීගැනීමේ අවස්ථාව මෙරට බ්ලැක්බෙරි ලෝලීන්ට උදාවනු ඇත.

මෙම නව ජංගම දුරකථන හඳුන්වාදීමත් සමග ආසියානු කලාපය තුළ අලෙවි කරන බ්ලැක්බෙරි ජංගම දුරකථන මාදිලි ප‍්‍රමාණය තවත් ඉහළ යන බව බ්ලැක්බෙරි ඉන්දියා හා සාක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ලාල්වානි මහතා පවසා සිටියේය.



Recommended Articles